Published
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනා වන ධනුෂ්ක වීරක්කොඩි ඇප මත මුදා හැර තිබෙනවා.
ඒ, ධනුෂ්ක වීරක්කොඩි අද දින මතුගම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
එහිදී අධිකරණය නියෝග කළේ ධනුෂ්ක වීරක්කොඩි රුපියල් ලක්ෂ 20ක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසයි.
ආන්දෝලනාත්මක ජීප් රථ ගනුදෙනුවකට අදාළව පසුගියදා ඔහු මතුගම මහේස්ත්රාත් අධිකරණයට භාරවීමෙන් අනතුරුව අධිකරණය විසින් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.




