විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතා විසින් අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
අදාළ පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවත් ඒ අනුව විශේෂ පාර්ලිමේන්තු බහුතරයකින් සහ මහජන ජනමත විචාරණයකින් අනුමැතිය ලබාගත යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇති බවයි නියෝජ්‍ය කතානායකවරයා දැනුම් දුන්නේ.
කෙසේවෙතත්, අධිකරණ නිර්ණායකයන්ට අනුකූල වන ආකාරයෙන් වගන්ති සංශෝධනය කළහොත් එම උල්ලංඝනයන් අදාළ නොවන බව ද සඳහන් වනවා.
මේ අතර, විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් අද ආරම්භ වුණා.
ඒ, 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 10 වැනි වගන්තිය ප්‍රකාරව එක් එක් වර්ෂයේ ජූනි 30 හෝ එදිනට පෙර ආණ්ඩුව විසින් මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශයක් නිවේදනය කිරීමේ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහායි.
මේ, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය, මහාචාර්ය අනිල් ප්‍රනාන්දු මහතා.
මූල්‍ය ක්‍රමෝපාය හරහා ඉදිරිපත් කර ඇති කරුණු සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෞෂල්‍යා ආරියරත්න මහත්මිය අදහස් පළ කළා.
රේගුවේ තිබූ බහාලුම් 323ක් පරික්‍ෂාවකින් තොරව නිදහස් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මූජිබර් රහුමාන් මහතා අදහස් පළ කළා.
මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මූජිබර් රහුමාන් මහතා.