Published
වෙන්නප්පුව පොලිස් බල ප්‍රදේශය ආසන්නයේ අද පෙරවරු 10:30ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයෙකු අනතුරකට ලක් කර පසුව යතුරුපැදියේ පැමිණි දෙදෙනාට තියුණු ආයුධයකින් පහරදී වෙඩි තබා ඇති බවයි පොලීසිය පවසන්නේ.
සිද්ධියෙන් යතුරුපැදියේ පැමිණි එක් අයෙකු තුවාල ලබා වෙන්නප්පුව රෝහලට ඇතුළත් කර තිබෙන අතර අනෙක් පුද්ගලයා වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
යතුරුපදියෙන් පැමිණි දෙදෙනාගෙන් මිය ගිය තැනැත්තා මහාධිකරණයේ පවතින නඩුවකට අදාළව වෙන්නප්පුව පොලීසියේ අත්සන් කිරීමට පැමිණ ආපසු යමින් සිටි අවස්ථාවේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවද පොලීසිය පැවසුවා.
වෙඩි තැබීම සිදු කර ඇත්තේ රිවොල්වර වර්ගයේ ගිනි අවියකින්.




