මාවතගම පරගහදෙණිය ප්‍රදේශයේ වෙල් යායක අතහැර දමා ගොස් තිබියදී සොයා ගත් දින දෙකක් වයසැති බිළිඳිය ලබා දෙන ලෙස ඉල්ලා මාවතගම පොලිස් ස්ථානය වෙත දුරකතන ඇමතුම් 1,000කට ආසන්න ප්‍රමාණයක් ලැබී තිබෙනවා.
ඒ, එම බිළිඳිය හදාවඩා ගැනීමට ඉල්ලමින්.
දරුවන් නොමැති මව්පියන් මෙන්ම අමෙරිකාව, කැනඩාව, ඕස්ටේ්‍රලියාව, නවසීලන්තය ඇතුළු විදෙස් රටවල් කිහිපයක පදිංචි ශ්‍රී ලාංකිකයන් එලෙස ඉල්ලීම් කර ඇති බවයි පොලීසිය පැවසුවේ.
දරුවා හදාවඩා ගැනීමට නම් ඒ සඳහා ගත යුතු නීතිමය ක්‍රමවේදය එලෙස දුරකතන ඇමතුම් ලබා දුන් සියලු දෙනා වෙත පොලීසිය විසින් පැහැදිලි කර දී තිබෙනවා.
මෙවන් දරුවෙක් හදාවඩා ගැනීමට පවුලකට භාර දිය හැකිද? මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශයේ ලේකම් කේ ඩී ආර් වොල්ගා මහත්මිය.
මේ අතර, අතහැර දමාගොස් තිබූ බිළිඳියගේ සිද්ධිය පාදක කර ගනිමින් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය ජනතාවගෙන් ඉල්ලීමක්ද කළා.