වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන් යළිත් ඉඟි පළ වෙමින් තිබෙනවා.

ඒ, වෛද්‍යවරුන්ගේ විදෙස්ගත නිවාඩු අවලංගු කරමින් නිකුත් කර ඇති චක්‍රලේකයට එරෙහිවයි.

මෙම චක්‍රලේකය හේතුවෙන් වෛද්‍ය ක්ෂේත්‍රයට එල්ල වී ඇති බලපෑම කුමක්ද? වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තරම් මෙය ප්‍රශ්නයක්ද? නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් විමසීමක් කළා.

මේ, එහි ලේකම් ප්‍රභාත් සුගතදාස මහතා.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් රජයේ පාර්ශ්වයට ලිඛිතව දන්වා ඇති බවයි ඔහු සඳහන් කළේ.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඉකුත් සඳුදා ආරම්භ කිරීමට නියමිතව තිබූ දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ද අත්හිටුවීමට තීරණය කළා.

ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට සූදානම් වූයේ වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලියේ පවතින ගැටලු හේතුවෙන්.