කඩාකප්පල්කාරී ක්‍රියාවලින් සීනි කර්මාන්තය බිඳ දැමීමට ඉඩ නොදෙන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්.ජයවර්ධන මහතා පවසනවා.

ඒ, අද දින සෙවණගල සීනි කර්මාන්ත ශාලාව වෙත පැමිණ උද්ගත වී ඇති ගැටලු‍ පිළිබඳ එම පාර්ශවය සමග කළ සාකච්ඡාවකදීයි.

එහිදී ඔහු සඳහන් කළේ විවිධ පාර්ශව සිදුකරන කඩාකප්පල්කාරී ක්‍රියාවලින් සීනි කර්මාන්තය බිඳවැටීමට වත්මන් රජය ඉඩ නොදෙන බවයි.

අවංකව ක්‍රියාකරන සේවකයන්, ගොවි මහතුන් රැක ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් සීනි මිල ස්ථාවරව පවත්වා ගැනීම තවදුරටත් සිදුකරන බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.