Published
රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව අද උදෑසන 06ට ආරම්භ වූ වැඩවර්ජනය හෙට උදෑසන 06 දක්වා ක්‍රියාත්මක බවයි එම සංගමයේ ලේකම් සිරිමෙවන් ගුණවර්ධන මහතා පැවසුවේ.
පශු වෛද්‍ය නිලධාරීන් වසර ගණනාවක සිට මුහුණ දෙන ප්‍රධාන වෘත්තීය ගැටලුවක් වන නව වස්වා ව්‍යවස්ථාවක් අනුමත නොකිරීම සහ තවත් ගැටලු කිහිපයක් මුල් කරගනිමින් එම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක බව ඔහු සදහන් කළා.
සත්ත්ව නිරෝධායන අංශය, වනජීවී පශු වෛද්‍ය ඒකක සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව ඇතුළු ක්ෂේත්‍ර රැසක වැඩකටයුතු එම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් අඩපණ වන බවයි රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ එහි ලේකම් සිරිමෙවන් ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේ.