ආමර් වීදිය පොලිස් වසමේ සූරතිස්ස මාවතේ අද දහවල් සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ යකඩ භාණ්ඩ අළෙවි සැලක හිමිකරුවෙකු ඉලක්ක කර එම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.