Published
මීගමුව, දළුපොත, පල්ලන්සේන එළිමහන් බන්ධනාගාරයේ හටගෙන ඇති නොසන්සුන්තාව පාලනය කිරිම සදහා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා.
තවදුරටත් රැදවියන් 30 දෙනෙකු පමණ එම බන්ධනාගාරයේ වහලය මත නැග විරෝධතාවයේ නිරත වන බවයි එම ස්ථානයේ සිටින නෙත් නිවුස් නියෝජිතයා පැවසුවේ.
පල්ලන්සේන බන්ධනාගාරයේ සහ ඉන් පිටතද ආරක්‍ෂාව තර කර තිබෙනවා.
ඒ අනුව පොලිස් කණ්ඩායම් සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් යොදවා සිටින බවයි නෙත් නිවුස් නියෝජිතයා වැඩිදුරටත් පැවසුවේ.



