මෙවර පොදුරාජ්‍ය  මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම දිනා ගැනීමට පාලිත බණ්ඩාර සමත් වුණා.

ඒ පැරා කව පෙත්ත විසි කිරීමේ පිරිමි ඉසව්වට සහභාගි වෙමින්.

මෙහිදී සිය පෞද්ගලික හොඳම දක්ෂතාව දැක්වූ පාලිත බණ්ඩාර තරගයේ රිදී පදක්කම දිනා ගත්තා.

ඔහුගේ දක්ෂතාව මීටර 46යි සෙන්ටිමීටර් 84 ක්.

වේල්සය නියෝජනය කරන ඇලඩ් ඩේවිස් තරගයේ රන් පදක්කම දිනා ගත්තා.

ඔහු දැක්වූ දක්ෂතාව මීටර් 48යි සෙන්ටිමීටර් 38ක්.