මහර බන්ධනාගාරයේ නිරීක්ෂණ මෙහෙයුම් සඳහා බෙල් 412 ගුවන් හමුදා හෙලිකොප්ටරයක් සහ ඩ්‍රෝන යානාවක් යොදා තිබෙනවා.

අද පස්වරුවේ එම බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාව මෙතෙක් සමනය වී නැහැ.

සිදුවූ නොසන්සුන්තාව හේතුවෙන් තුවාල ලැබූ එක් රැඳවියෙකු මියගොස් තිබෙනවා.

තවත් රැඳවියන් හය දෙනෙකු රාගම රෝහලේ ප්‍රතිකාර ලබන බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.