හෝමාගම කර්මාන්ත පුරයේ හටගත් ගින්නෙන් ජීවිතක්‍ෂයට පත් වූ පුද්ගලයන් පස් දෙනෙකුගේ මළසිරුරු සොයාගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා මීට නොබෝ වේලාවකට ඒ බව තහවුරු කළා.

හෝමාගම කර්මාන්ත පුරයේ අද පෙරවරුවේ ගින්නක් හටගත්තේ හෙල්මට් නිෂ්පාදන කර්මාන්ත ශාලාවකයි.

ගින්න නිවීම සදහා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවල ගිනි නිවීම් රථ කැදවා තිබුණා.