ඉරානයේ න්‍යෂ්ටික සෙන්ටි්රෆියුජ් රඳවා තබා ඇති බවට සැකකෙරෙන භූගත භූමි ප්‍රදේශයට ඉතා ඉක්මනින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
නටාන්ස් ප්‍රදේශයට දකුණින් පිහිටි ආරක්ෂිත පික්ඇක්ස් මවුන්ටන් නැමැති භූගත න්‍යෂ්ටික මධ්‍යස්ථානයට එලෙස ඉතා ඉක්මනින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන බවයි ඇමරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ.
මධ්‍යම ඉරානයේ නටාන්ස් නගරයේ සිට සැතපුමක් පමණ දකුණින් පිහිටි මෙම භූගත මධ්‍යස්ථානය, න්‍යෂ්ටික ඉන්ධන නිෂ්පාදනයට යොදාගන්නා සෙන්ට්‍රිෆියුජ් එකලස් කිරීම සඳහා අනාගතයේදී භාවිත කරන බව ඉරානය විසින් 2020 වසරේදී ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනයට දැනුම් දී තිබුණා.
ඉරානය විසින් සිය න්‍යෂ්ටික සෙන්ට්‍රිෆියුජ් යන්ත්‍ර මෙම ස්ථානයට ගෙනගොස් තිබේදැයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ, ”ඒ පිළිබඳව නිල වාර්තා කිසිවක් අමෙරිකාව සතුව නොමැති බවයි.
එහිදී ජනාධිපති ට්‍රම්ප් සිය තර්ජනාත්මක ප්‍රකාශය තවදුරටත් අවධාරණය කරමින් කියා සිටියේ, ”අපි ඉතා ඉක්මනින්ම ඒ ප්‍රදේශයට ප්‍රහාර එල්ල කිරීමට වැඩි ඉඩක් තියෙනවා.
ඊට එරෙහිව කිසිවක් කරගැනීමට ඔවුන්ට හැකියාවක් නැහැ.
සාමාන්‍යයෙන් මම මේ වගේ දෙයක් කලින් කියන්නේ නැහැ.
ඉරානයට ඊට එරෙහිව යමක් කරන්න පුළුවන් කියලා මම හිතුවා නම් මම කවදාවත් මේ බව කියන්නේ නැහැ.
නමුත් අපි ඒ ප්‍රදේශයට ඉතා ඉක්මනින් සහ ඉතා දැවැන්ත ලෙස ප්‍රහාර එල්ල කරනවා” යනුවෙන් පවසා තිබෙනවා.
මේ අතර ඇමරිකානු මධ්‍යම ආරක්ෂක විධානය විසින් ප්‍රකාශ කර ඇත්තේ අඛණ්ඩව 11 වන රාත්‍රියටත් ඉරානයේ හමුදා ඉලක්ක වෙත ඇමරිකානු හමුදා ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ බවයි.
අඟහරුවාදා පස්වරු 7.00 සිට ඉරානය පුරා පිහිටි හමුදාමය ඉලක්ක වෙත මෙම ප්‍රහාර මාලාව දියත් කළ බවද එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් ඇමරිකානු මධ්‍යම බලකාය පවසා ඇත්තේ.
හෝමුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ ගමන් ගන්නා වෙළඳ නෞකාවලට ප්‍රහාර එල්ල කිරීමට ඉරානය සතු හමුදාමය හැකියාවන් තවදුරටත් අක්‍රිය කිරීම සහ දුර්වල කිරීම මෙම ප්‍රහාරවල ප්‍රධාන අරමුණ බවද ඇමරිකානු හමුදා වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.




