එක්සත් ජනපද හමුදාව ඉරානයට නව ප්‍රහාර රැල්ලක් දියත් කිරීමෙන් පසුව, හෝමූස් සමුද්‍ර සන්ධියේ නෞකාවලට පහර දුන් බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය පවසනවා.
ඉරානයට ”දැඩි ලෙස” පහර දෙන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර පවසා තිබුණා.
ටෙහෙරානය යුද්ධය අවසන් කිරීමට ”ගිවිසුමක් ඇති කර ගැනීමට වැඩි කාලයක්” ගත් බවට පවසමිනුයි අමෙරිකාව එම ප්‍රහාර දියත් කර ඇත්තේ.
ඉරානයේ අනවශ්‍ය සහ අඛණ්ඩ ආක්‍රමණයට ප්‍රතිචාර වශයෙන් ”ස්වයං ආරක්ෂක ප්‍රහාර” ආරම්භ කළ බව එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා පවසා තිබෙනවා.
ඉරාන රාජ්‍ය මාධ්‍ය පසුව වාර්තා කළේ ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය හෝමූස් සමුද්‍ර සන්ධියේ නැව් දෙකකට පහර දුන් බවයි.
ඉරානය සහ එක්සත් ජනපදය මෑත දිනවල හමුදා සහ නිරීක්ෂණ ස්ථාන ඉලක්ක කර ගනිමින් අප්‍රේල් මාසයේදී එකඟ වූ බිඳෙනසුලු සටන් විරාමයක් අත්හදා බලමින් සිටින බවද සදහන්.
ගල්ෆ් කලාපයේ කෙෂ්ම් දූපතේ මෙන්ම බන්ඩාර් අබ්බාස් සහ සිරික් ඇතුළු තවත් නගර ගණනාවකින් පිපිරීම් හඩ ඇසුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අමෙරිකානු ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන්, හෝර්මුස් සමුද්‍ර සන්ධිය සියලු වර්ගවල යාත්‍රා සඳහා සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බවයි ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ.
අමෙරිකාව ප්‍රහාරය දියත් කිරීමට පැය කිහිපයකට පෙර, ට්‍රම්ප් අනතුරු ඇඟවූයේ: ”අපි ඊයේ ඔවුන්ට තදින් පහර දුන්නා, අද අපි නැවතත් ඔවුන්ට තදින් පහර දෙන බවටයි.
එමෙන්ම ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුමක සටහන් කර ඇත්තේ ඉරාන නායකයින් ”ගිවිසුමක් සාකච්ඡා කිරීමට ඕනෑවට වඩා කාලයක් ගත කර ඇති” බවයි, ඉරාන විදේශ අමාත්‍යාංශය අමෙරිකාවට එවන පරස්පර විරෝධී පණිවිඩ හරහා රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලියට හානි කරන බවටද ට්‍රම්ප් එමගින් චෝදනා කර තිබෙනවා.




