රජයේ මුල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම් වැඩිවීම මත පදනම් වූ නිෂ්පාදන ක්ෂේත්රයේ ප්‍රබල පිබිදීම සහ විදුලි බල නිෂ්පාදනය වැඩිදියුණු වීම හේතුවෙන් පසුගිය ජූනි මාසයේදී ඉන්දියාවේ කාර්මික වර්ධනය 7.3% ක ඉහළ අගයක් වාර්තා කිරීමට සමත් වී ඇත.
රාජ්‍ය නිල දත්තවලට අනුව මෙය 2024 ජූලි මාසයෙන් පසුව වාර්තා වූ වේගවත්ම වර්ධන වේගයයි.
රොයිටර් පුවත් සේවයේ ආර්ථික විශ්ලේෂකයින් මැයි මාසයේ පැවති 5.0% ක වර්ධනය ජූනි මාසයේදී 5.7% දක්වා ඉහළ යනු ඇතැයි අනුමාන කළද, සැබෑ වර්ධනය එම පුරෝකථන ඉක්මවා ගියේය.
පාරිභෝගික ඉල්ලුම තවදුරටත් ඉහළ මට්ටමක පවතින බැවින් මෙම ධනාත්මක ප්‍රවණතාව ඉදිරියටත් පවතිනු ඇති බව IDFC First බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ගෞරා සෙන් ගුප්තා සඳහන් කරයි.
කර්මාන්තශාලා නිෂ්පාදනය මැනීම සඳහා රජය මීට පෙර භාවිතා කළ තොග මිල දර්ශකය (WPI) වෙනුවට නිෂ්පාදක මිල දර්ශකය භාවිතය පසුගිය මැයි මාසයේ සිට ආරම්භ කර තිබීම ද මෙහි විශේෂත්වයකි.




