Published
ඉන්දුනීසියාවේ අද සිදුවූ භූකම්පනයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයන් සංඛ්‍යාව 20 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එහිදී තුවාල ලැබූ පුද්ගලයන් රැසක් රෝහල් ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
රික්ටර් මාපකයේ 7.7 ප්‍රබලත්වයෙන් වූ එම භූකම්පන හට ගෙන තිබුණේ ඉන්දුනීසියාවේ නැගෙනහිර නූසා තෙන්ගාරා ප්‍රාන්තයේ ෆ්ලෝරස් දූපත ආශ්‍රිතවයි.
එරට වේලාවෙන් අලුයම 5.00 ට පමණ කිලෝමීටර 15 ක් ගැඹුරින් හටගත් මෙම භූ කම්පනයත් සමඟ රික්ටර් මාපක 6.1 ක ප්‍රබලත්වයෙන් යුතු පසු කම්පන කිහිපයක් ද වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ අතර තවදුරටත් පසු කම්පන හටගැනීමේ අවදානමක් පවතින බැවින්, වෙරළබඩ තීරයෙන් මෙන්ම පලුදු වූ ගොඩනැගිලිවලින් ඈත්ව සිටින ලෙස ඉන්දුනීසියානු ආපදා කළමනාකරණ ඒජන්සිය ජනතාවට දැනුම් දී තිබෙනවා.




