ඉරානයට එරෙහිව සැලසුම් කර තිබූ ප්‍රබල ප්‍රහාර මාලාව අත්හිටුවීමට ඇමෙරිකාව තීරණය කර තිබෙනවා.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ ඉරානය සමඟ ඉතා ඉක්මනින් එකඟතාවකට පැමිණීමේ අපේක්ෂාවෙන් සැලසුම් කළ ප්‍රහාර මෙලෙස අත්හිටුවන බවයි.
නව ගිවිසුමක මූලික රාමුව දැන් සකස් වී ඇති නිසා සැලසුම් කළ ප්‍රහාර තාවකාලිකව අත්හිටුවන ලෙස ඉරානයෙන් ඉල්ලීමක් ලැබුණු බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
මීට අමතරව මැදපෙරදිග තවත් රටවල් කිහිපයකින්ද මෙම ප්‍රහාර අත්හිටුවන ලෙස ඉල්ලීම් ලැබුණු බවයි සිය සමාජ මාධ්‍ය ගිණුම්වල සටහනක් තබමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් පවසන්නේ.
කෙසේ වෙතත්, ඉරානයේ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මජීඩ් ඉබ්නු අල්-රෙසා ප්‍රකාශ කර ඇත්තේ, සතුරාගෙන් එල්ල වන ඕනෑම තර්ජනයක් තමන් බැරෑරුම් ලෙස සලකන බවයි.
ඉරානය කිසි විටෙකත් පසුබට වන්නේ හෝ උගුල්වලට හසු වන්නේ නැති බවද ඔහු අවධාරණය කරනවා.
ඇමරිකාව සහ ඉරානය අතර යුද ගැටුම් ආරම්භ වූයේ ඉකූත් පෙබරවාරි 28 වනදායි.
මෙම යුද ගැටුම් හේතුවෙන් අමෙරිකානු ආර්ථිකයට ද ප්‍රබල බලපෑම් එල්ල වී ඇති අතර දැන් එරට ජනතාවගෙන් සියයට 60ක් පමණ යුද්ධයට එරෙහිව අදහස් පළ කරමින් සිටිනවා.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඇමෙරිකානු මැතිවරණය හමුවේ මෙම තත්ත්වය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට දැඩි දේශපාලනික බලපෑමක් එල්ල කරනු ඇති බවයි ජාත්‍යන්තර විශ්ලේෂකයන් පවසන්නේ.


