ප්‍රබල ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම එංගලන්තය හමුවේ නැවත වරක් ලැජ්ජා සහගත පරාජයක් ලැබුවා.
ඒ දෙපිල අතර තරග පහකින් සමන්විත තරගාවලියේ පස්වන සහ අවසන් තරඟයේදීයි.
එංගලන්තයා හමුවේ ඉන්දියාව පිටපිටම ලද හතරවන T20 පරාජයද මෙය වනවා.
තරගාවලියේ පළමු තරගය විසඳුමකින් තොරව අවසන් වුණා.
ඒ අනුව තරගාවලියේ අවසන් ප්‍රතිඵලය වූයේ 4ට 1ක් ලෙස එංගලන්තය විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගැනීමයි.
ඊයේ තරඟයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම එංගලන්ත පන්දු යවන්නන්ට එලව එලවා පහර දෙමින් නියමිත පන්දුවාර 20දී පමණක් දැවී ලකුණු 257ක් ලබාගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවට නියමිත පන්දු වාර 20දී කඩුලු 8ක් දැරී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 201ක් පමණයි.
ඒ අනුව එංගලන්තය ලකුණු 56න් තරගය පහසුවෙන් ජය ගත්තා.
එංගලන්ත ඉනිමේදී විශිෂ්ට පිතිහර මේක යෙදුණු ජොස් බට්ලර් පන්දු 64දී ලකුණු 131යි.
ඔහුගේ ඉනිමට හයේ පහර 8ක් සහ හතරේ පහර 12ක්ද ඇතුළත් වුණා.
නායක හැරී බෲක් පන්දු 45 දී ලකුණු 95යි.
IPL පිටියේ දැක්වූ දක්ෂතා නිසා ඕනෑවටත් වඩා කලින් ජාතික කණ්ඩායමට කැඳවුම් ලද එහෙත් එංගලන්තය සමග පලමු තරග කිහිපයේදීම අසාර්ථක වූ විභාව් සූර්යවංශි ඊයේ තරඟයේදී ඉන්දීය කණ්ඩායමට ඇතුළත් කර හෝ සිටියේ නැහැ.
ඉශාන් කිෂන් ලකුණු 56ක් ලබාගනිමින් සහ තිලක් වර්මා ලකුණු 53ක් ලබාගනිමින් සටන්කාමී පිතිහරබයක යෙදුණත් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා කැටුව යාමට එය ප්‍රමාණවත් වුණේ නැහැ.
මෙය අතර ඊයේ තරඟය සඳහා ඉන්දීය කණ්ඩායම ක්‍රීඩාංගනයට පැමිණියේ ද නියමිත වෙලාවට වඩා සෑහෙන වේලාවක් ප්රමාදවයි.
ඔවුන් නතර වී සිටි හෝටලය තිබුණේ ක්‍රීඩාංගනයේ සිට සැතපුම් හයක දුරින්.
එහෙත් එම දුර පැමිණීමට ඔවුන්ට පැය එකහමාරක් පමණ ගත වී තිබුණා.
නගරයේ පැවති අධික රථ වාහන තද බදයයි ඊට හේතු වී ඇත්තේ.
මේ නිසා තරගය කාසි ඒවා සිය උරගා බැලුනේද නියමිත වේලාවට වඩා විනාඩි 45ක් පමණ ප්රමාදවයි.
කෙසේ වෙතත් මෙම තරගාවලිය පුරා ඉන්දීය කණ්ඩායමේ දක්ෂතා ඉතා අවම මට්ටමක තිබුණු බවයි විචාරකයන් පවසන්නේ.
මෙම තරගාවලියට පෙර අයර්ලන්තය හමුවේද ඔවුන් දෙකට බින්දුවක අමිහිරි පරාජයක් ලැබුවා.




