Published
ශ්‍රී ලංකාවේ දුම්රිය පීලි පැනීමක් සිදුවද්දී අද තායිලන්තයේද බිහිසුණු දුම්රිය අනතුරක් සිදුවුණා.
තායිලන්තයේ බැංකොක් නුවරදී සිදුවූ දුම්රිය අනතුරකින් අවම වශයෙන් පුද්ගලයන් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 25 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
මෙම දුම්රිය අනතුර හේතුවෙන් ගිනි ගැනීමක් සිදුව ඇති අතර ඉන් බස් රථයක් සහ ඒ අසල තිබූ වාහන කිහිපයක් ගිනි ගැනීමට ලක්ව තිබෙනවා.
කෙසේ වෙතත් අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.




