හෝමුස්හිදී වාණිජ නෞකා තුනකට පසුගියදා එල්ලවූ ප්‍රහාරය තමන් අතින් වූ වැරැද්දක් බවට, ඉරානය පවසා තිබෙනවා. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපදේශකයින්ට පෞද්ගලිකව එලෙස පවසා ඇති බවයි විදෙස් වාර්තා කළේ.
අදාළ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස අමෙරිකාව ඉරානයට අවස්ථා දෙකකදී දැවැත්ත ප්‍රහාරයක් එල්ල කළා.
ඉන් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් දේපොළ හානි රැසක් සිදුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එවන් පසුබිමක් තුළ එම ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර ලෙස ඉරානයද මැදපෙරදිග පිහිටි අමෙරිකානු කඳවුරු ඉලක්ක වෙත ප්‍රහාර එල්ලකර තිබුණා.
ඒ අනුව ඉරානය අදාළ ප්‍රහාරය අත්වැරැද්දක් බවට පිළිගත් බව අමෙරිකානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඉරානය පෙන්වා දී ඇත්තේ වානිජ නෞකාවලට ප්‍රහාර එල්ලකර ඇත්තේ, සාම සාකච්ඡා අඩපණ කිරීමේ උනන්දුවෙන් සිටින කණ්ඩායමක් විසින් බවයි.
කෙසේවෙතත් දෙරට අතර පැවැත්වීමට නියමිත සාකච්ඡාවල කොටසක් ලෙස හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘතව ඇති බවට ඉරානය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ යුතු බවත් වාණිජ නැව්වලට වෙඩි තැබීම නවත්වන බවට ප්‍රතිඥා දිය යුතු බවත් අමෙරිකාව පවසා තිබෙනවා.




