නේපාලයේ සිදුවූ ආපදාවලින් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 392ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
තවත් පුද්ගලයන් 1,458 දෙනෙකු තවමත් අතුරුදන්ව ඇති බවයි නවතම විදෙස් වාර්තාවල දැක්වුණේ.
මේ අතර පීඩාවට පත්ව සිටින නේපාල ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා රජය අමෙරිකානු ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් ලබාදීමට තීරණය කර තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත මෙම මූල්‍ය දායකත්වය ලබාදීමට තීරණය කර ඇති අතර, එමගින් විපතට පත් ජනතාව සඳහා හදිසි සහන හා මානුෂීය ආධාර සැපයීමට අපේක්ෂා කෙරෙනවා.
ජල ගැලීම හේතුවෙන් සිදුව ඇති ජීවිත හානි සහ ජනතාව මුහුණදී ඇති පීඩාව පිළිබඳව ජනාධිපතිවරයා සිය බලවත් කනගාටුව පළ කර ඇති අතර, විපතට පත් පවුල් වෙත ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ සාතිශය සංවේගයද පළ කර තිබෙනවා.
ශ්‍රී ලංකාව සහ නේපාලය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව සිහිපත් කරමින් ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ, මෙම දුෂ්කර අවස්ථාවේදී ශ්‍රී ලංකාව නේපාල ජනතාව සමඟ දැඩිව සිටින බවයි.
මේ අතර, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා නේපාල විදේශ කටයුතු අමාත්‍ය ශිෂීර් ඛනාල් මහතා සමඟ දුරකථන සංවාදයක නිරත වෙමින් ශ්‍රී ලංකාවේ ශෝකය, සහයෝගය සහ සහෝදරත්වය පළ කර තිබෙනවා.




