Published
මැදපෙරදිග කලාපීය යුද්ධය අවසන් කිරීමේ සාම ගිවිසුමක් සඳහා අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අවසන් එකඟතාවයකට පැමිණ ඇති බව පාකිස්තානය පවසනවා.
ඒ බව තහවුරු කර ඇත්තේ පකිස්තාන අග්රාමාත්ය ෂෙබාස් ෂරීෆ් සිය ‘X‘ ගිණුමේ සටහනක් තබමින්.
යුද්ධය අවසන් කිරීමේ සාම ගිවිසුමෙහි මීළඟ පියවරයන් සාර්ථක කර ගැනීම සඳහා තමන් දෙපාර්ශ්වය සමඟම සමීපව කටයුතු කරමින් සිටින බවයි පකිස්තාන අග්රාමාත්යවරයා පවසන්නේ.
මෙම ගැටුම් පැවති සමය පුරාම දෙරට අතර ප්රධාන මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කළේ පාකිස්තාන අග්රාමාත්යවරයායි.



