තුර්කියේ ප්රධාන විපක්ෂයට හිතවාදී ප්රමුඛතම රූපවාහිනී නාලිකාවක් වන ‘හල්ක් ටීවී‘ මූලස්ථානයේ සජීවි විකාශන කටයුතු තහනම් කර තිබෙනවා.
එරට පොලිසිය විසින් එහි සිදුකළ හදිසි වැටලීමකින් අනතුරුව එම පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා කළේ.
ඉස්තාන්බුල් නුවර පිහිටි අදාළ නාලිකා පරිශ්රයට ඇතුළු වීමට සේවකයින්ට අවස්ථාව හිමිව නොමැති අතර, නාලිකාව පාලනය කිරීම සඳහා බලධාරීන් විසින් නව කළමනාකරුවෙකු පත්කර ඇති බවයි වාර්තා වන්නේ.
නාලිකාවේ හිමිකරුට එරෙහිව සිදුවන විමර්ශනයකට අදාළව පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අල්ලස් දීම, ටෙන්ඩර් පටිපාටි වංචා කිරීම සහ මුදල් විශුද්ධිකරණය යන චෝදනා යටතේ හල්ක් ටීවී හිමිකරු වන ජාෆර් මහිරොග්ලු ඇතුළු 17 දෙනෙකුට අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කර ඇති බවද විදෙස් මාධ්ය වාර්තා කළා.
වැටලීම සිදුවන අවස්ථාවේදී රට තුළ නොසිටි මහිරොග්ලු සමාජ මාධ්ය සටහනක් තබමින් ප්රකාශ කර ඇත්තේ මෙම නාලිකාව තුර්කි ජනතාව සතු එකක් බවත්, එය බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට ඉඩ නොදෙන බවයි.
ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගාන්ගේ පාලක පක්ෂය දැඩි ලෙස විවේචනය කරන මෙම නාලිකාව, විපක්ෂයේ ජනප්රිය ජනතා පක්ෂයට හිතවාදීව කටයුතු කළ නාලිකාවක් ලෙසයි සැලකෙන්නේ.




