පාකිස්තානයේ වයඹ දිග පෙෂාවර් නගරයේ පාසලක වහලක් කඩා වැටීමෙන් පාසල් සිසුන් 27 දෙනෙකු සහ එක් ගුරුවරයෙකු මිය ගොස් තිබෙනවා.

මෙම අනතුරින් තවත් පුද්ගලයින් 30 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් 6 දෙනෙකුගේ තත්වය බරපතල බව පෙෂාවර් හි ලේඩි රීඩින් රෝහලේ නිලධාරියෙකු තහවුරු කර ඇත්තේ.

පාකිස්තානය පුරා මෙවැනි ගොඩනැගිලි සහ වහල කඩා වැටීම් නිතර වාර්තා වන අතර දුර්වල ආරක්ෂක ප්‍රමිතීන් සහ බාල තත්ත්වයේ ඉදිකිරීම් ද්‍රව්‍ය භාවිත කිරීම මෙයට ප්‍රධාන හේතුවක් වී ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

මීට පෙර මෙම වසරේ ජූනි මාසයේදී ලාහෝර් නගරයේ උපකාරක පංති පවත්වන ස්ථානයක වහලක් කඩා වැටීමෙන් ද දරුවන් රැසක් මිය ගියා.

එමෙන්ම පසුගිය 2025 වසරේදී කරච්චි නගරයේ ලියාරි ප්‍රදේශයේ පස් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 27 දෙනෙකු මියගොස් 10 දෙනෙකු තුවාල ලැබූ බව විදෙස් වාර්තාවල සදහන්.