Published
පිලිපීනයේ මින්දනාවෝ දූපත් ආසන්නයේ රික්ටර් මාපක 7.8ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් සිදුව තිබෙනවා.
මේ හේතුවෙන් පිලිපීනය, ඉන්දුනීසියාව සහ මැලේසියාවේ ප්‍රදේශ කිහිපයක් සඳහා සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කෙසේවෙතත් එම භූ කම්පනයෙන් ශ්‍රී ලංකාව කිසිදු බලපෑමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා.




