රුසියානු පාලනය යටතේ පවතින ස්ටාරොබිල්ස්ක් (Starobilsk) නගරයේ පිහිටි විද්‍යාලයක් වෙත යුක්රේනය ප්‍රහාර එල්ල කර තිබෙනවා.
මෙම ප්‍රහාරයෙන් විද්‍යාලයේ පස්මහල් නේවාසිකාගාර ගොඩනැගිල්ලක් විනාශ වී ඇති බවයි අල් ජසීරා ප්රවෘත්ති සේවය පවසන්නේ.
පුද්ගලයින් හතර දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 39 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි ද අල් ජසීරා ප්රවෘත්ති වාර්තාවේ දැක්වෙනවා.
කෙසේ වෙතත් මෙම ප්‍රහාරයෙන් තරුණ සිසුන් 21 දෙනෙකු මියගොස් තවත් 40 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ.
ප්‍රහාරයට ලක්ව ඇත්තේ ලුගාන්ස්ක් රාජ්‍ය අධ්‍යාපනික විශ්වවිද්‍යාලයට අයත් විද්‍යාලයක නේවාසිකාගාරයකට බව ද සිදුවූ විනාශය රටවල් 19 කින් පැමිණි විදෙස් මාධ්‍යවේදීන් විසින් දැන් නිරීක්ෂණය කරමින් සිටින බව ද රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවා.
මේ අතර යුක්රේනය විසින් එල්ල කරන ලද මෙම ප්‍රහාරය අහම්බයක් නොවන බවයි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් ප්‍රකාශ කරන්නේ.




