ලතින් ඇමෙරිකානු දේශපාලන රටාව වෙනස් කරමින්, බ්රසීලයේ පැවති අතිශය තියුණු ජනාධිපතිවරණ දෙවන වටයේ ඡන්ද විමසීමෙන් ඓතිහාසික ජයග්රහණයක් අත්කර ගැනීමට වාමාංශික නායක, 80 හැවිරිදි ලූලා ද සිල්වා සමත්ව තිබෙනවා.
ඒ අනුව, ඔහු 4 වන වරටත් බ්රසීලයේ ජනාධිපතිවරයා ලෙස තේරී පත් වන අතර, ඔහුගේ නව ධුර කාලය 2027 ජනවාරි 5 වනදා ආරම්භ වීමට නියමිතයි.
මෙම තියුණු තරගයේදී ලූලා හමුවේ පරාජයට පත් වූයේ හිටපු ජනාධිපති ජායිර් බොල්සොනාරෝගේ පුත්, දක්ෂිණාංශික සෙනෙට් සභික ෆ්ලාවියෝ බොල්සොනාරෝයි.
පසුගිය ඔක්තෝබර් 4 වනදා පැවැති පළමු වටයේ ඡන්ද විමසීමේදී ෆ්ලාවියෝ බොල්සොනාරෝ ඉදිරියෙන් සිටි අතර, බ්රසීල දේශපාලන ඉතිහාසයේ පළමු වටය ජයගත් අපේක්ෂකයෙකු දෙවන වටයේදී පරාජයට පත් වූ ප්රථම අවස්ථාව ලෙස මෙය වාර්තා අතරට එක්වන බවයි විදෙස් මාධ්ය වාර්තා කළේ.
ඡන්ද විමසීමෙන් 48% කට වැඩි ප්රමාණයක් ලබාගැනීමට බොල්සොනාරෝ සමත් වීමෙන් පෙන්නුම් කරන්නේ එරට දේශපාලනිකව දැඩි ලෙස බෙදී ඇති බවයි.
මෙවර මැතිවරණය රටේ ස්වෛරීභාවය පිළිබඳ තීරණාත්මක සංධිස්ථානයක් ලෙස ලූලා හඳුන්වා දී තිබූ අතර, ඇමෙරිකානු බලපෑම්වලට යටත් නොවී බ්රසීලයේ අභිමානය සුරකින බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ.
එමෙන්ම, ලූලා ලැබූ මෙම ජයග්රහණය හමුවේ ඇමසන් වනාන්තරය ඇතුළු සංවේදී පරිසර පද්ධති සුරැකෙනු ඇතැයි ලොව පුරා පරිසරවේදීන් විශ්වාසය පළ කරනවා.




