ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ යමින් පවතින පසුබිමක් තුළ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ශත 10කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව එම බොරතෙල් බැරලයක නව මිල අමෙරිකානු ඩොලර් 94.71ක් ලෙස සටහන් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම අමෙරිකානු WTI බොරතෙල් බැරලයක මිල ද ශත 35කින් හෙවත් ඉහළ ගොස් ඇති බවත් එහි නව මිල ඩොලර් 84.03ක් ලෙස සටහන් වු බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

සෞදි අරාබියේ රාස් තනුරා තෙල් පිරිපහදුවට සහ රියාද් හි මූල්‍ය දිස්ත්‍රික්කයට පහර දුන් බවට යේමනයේ හවුති කැරලිකරුවන් ප්‍රකාශ කිරීමත්, හෝමූස් සමුද්‍ර සන්ධියේදී නෞකා දෙකක් ඉරාන මුහුදු බෝම්බවල ගැටීමත් හේතුවෙන් බොරතෙල් මිල මෙලෙස ඉහළ ගොස් ඇති බවයි වාර්තා වුණේ.