සර්බියාවේ දීර්ඝ කාලයක් පාලනය ගෙනගිය වාමාංශික පාලක ඇලෙක්සැන්ඩර් වුචිච් එරට පැවති හදිසි පාර්ලිමේන්තු මැතිවරණයෙන් තමන් පරාජයට පත් වූ බව නිල වශයෙන් පිළිගෙන තිබෙනවා.
ශිෂ්‍ය ව්‍යාපාරය මුල් කරගනිමින් ගොඩනැගුණු දූෂණ විරෝධී බලවේගය හමුවේ මෙම පරාජය හිමිවූ බවයි සර්බියානු ප්රගතිශීලී පක්ෂ මූලස්ථානයේ සිට අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ.
නොවි සාඩ් නගරයේ දුම්රිය ස්ථානයක වහලයක් කඩා වැටී පුද්ගලයින් 16 දෙනෙකු මියයාමේ සිද්ධියත් සමඟ රජයේ දූෂණය සහ නොසලකා හැරීමට එරෙහිව වසර දෙකක් පුරා පැවති දැවැන්ත විරෝධතාවල ප්‍රතිඵලයක් ලෙසයි මෙම හදිසි මැතිවරණය කැඳවා තිබුණේ.
වාර්තාගත ඡන්ද භාවිතයක් සටහන් වූ මෙම මැතිවරණයේ ජයග්‍රහණයත් සමඟ අගනුවර වන බෙල්ග්‍රේඩ් ඇතුළු නගර රැසක ජනතාව වීථි බසිමින් ප්‍රීතිඝෝෂා පවත්වා ඇති බවයි විදෙස් මාධ්යා වාර්තා කළේ.
මේ අතරලතින් ඇමෙරිකානු දේශපාලන රටාව වෙනස් කරමින්, බ්‍රසීලයේ පැවති අතිශය තියුණු ජනාධිපතිවරණ දෙවන වටයේ ඡන්ද විමසීමෙන් ඓතිහාසික ජයග්‍රහණයක් අත්කර ගැනීමට වාමාංශික නායක, 80 හැවිරිදි ලූලා ද සිල්වා සමත් වුණා.
ඒ අනුව, ඔහු 4 වන වරටත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස තේරී පත් වන අතර, ඔහුගේ නව ධුර කාලය 2027 ජනවාරි 5 වනදා ආරම්භ වීමට නියමිතයි.




