ඇමරිකාව සහ ඉරානය අතර ස්විට්සර්ලන්තයේදී පැවැති පළමු වටයේ සාකච්ඡා “ඉතා සාර්ථක සහ දිරිගන්වනසුලු ” ප්‍රගතියක් අත්කර ගනිමින් අවසන් වූ බව මෙම සාකච්ඡා සඳහා මැදිහත්කරුවන් ලෙස කටයුතු කරන කටාර් රාජ්‍යය සහ පකිස්ථානය පවසනවා.
ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔවුන් වැඩිදුරටත් පවසන්නේ ඉදිරි දින 60ක් ඇතුළත අවසන් එකඟතාවකට පැමිණීම සඳහා වූ ක්‍රියාකාරී සැලැස්මකට මෙහිදී දෙපාර්ශවය එකඟ වූ බවයි.
හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා නාවික ගමනාගමනයේ ආරක්ෂාව තහවුරු කිරීම සහ ලෙබනනයේ සටන් විරාමය ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡාවේ දී විශේෂ අවධානයක් යොමුව තිබෙනවා.
කෙසේවෙතත්, සාකච්ඡා ආරම්භ වනවාත් සමඟම ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ලෙබනනයේ ක්‍රියාත්මක ඉරාන හිතවාදී සන්නද්ධ කණ්ඩායම් වහාම පාලනය කරන ලෙස ඉරානයට අනතුරු ඇඟවීමක් කළ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
එසේ නොමැති වුවහොත් ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කරන බවට ජනාධිපති ට්‍රම්ප් අනතුරු ඇඟවීමක්ද කර තිබෙනවා.
එහෙත් මෙම තර්ජන ඉරානයේ ප්‍රධාන සාකච්ඡාකරු මොහොමඩ් බගර් ගලිබෆ් විසින් එකහෙළා ප්‍රතික්ෂේප කල බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
මෙවැනි තර්ජනවලින් තමන් බිය ගැන්විය නොහැකි බව ද ඔහු අවධාරණය කර තිබෙනවා.
එසේ තිබියදී, දෙපාර්ශවය අතර පවතින මතභේදාත්මක කරුණු නිරාකරණය කර ගැනීම සඳහා වන තාක්ෂණික මට්ටමේ සාකච්ඡා ඉදිරි සතිය පුරාමත් ස්විට්සර්ලන්තයේදී අඛණ්ඩව පැවැත්වීමට නියමිතයි.




