ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පසුගිය අගෝස්තු මාසයෙන් පසු වාර්තා වූ අවම අගය දක්වා පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, WTI බොරතෙල් බැරලයක මිල සියයට 3.9කින් පහළ ගොස් ඇමරිකානු ඩොලර් 80.17ක් ලෙස සටහන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.

එමෙන්ම, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ද සියයට 3.5කින් පහළ ගොස් තිබෙනවා.

එම බොරතෙල් බැරලයක දැන් මිල ඇමරිකානු ඩොලර් 89.37ක්.

නෞකාවලට එල්ල වන ප්‍රහාර අඛණ්ඩව සිදුවුවද, පර්සියානු බොක්ක හරහා බොරතෙල් සැපයුම අඛණ්ඩව සිදුවනු ඇති බවට වෙළෙඳපොළ තුළ පවතින අපේක්ෂාව මෙලෙස බොරතෙල් මිල පහළ යාමට හේතු වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.