Published
අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර ඇති කරගත් නව එකඟතාවයට අදාළ නිල ගිවිසුම ස්විට්සර්ලන්තයේ ‘බර්ගන්ස්ටොක්‘ සංචාරක නිකේතනයේදී අත්සන් කිරීමට නියමිත බව ස්විට්සර්ලන්ත විදේශ අමාත්‍යාංශය තහවුරු කර තිබෙනවා.
ඒ අනුව දෙපාර්ශවයේ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත කණ්ඩායම් එළඹෙන සිකුරාදා දිනයේදී එහිදී හමුවීමට නියමිතයි.
ස්විට්සර්ලන්ත මාධ්‍ය වාර්තා කරන අන්දමට, මෙම සාකච්ඡා සඳහා සුදුසුම ස්ථානය ලෙස බර්ගන්ස්ටොක් නිකේතනය යෝජනා කර ඇත්තේ මැදිහත්කරුවන් ලෙස කටයුතු කළ පාකිස්ථානය සහ කටාර් රාජ්‍යය විසිනුයි.
ලෝක නායකයන්ගේ සහභාගීත්වයෙන් යුක්රේන සාමය පිළිබඳ සමුළුව 2024 වසරේ ජූනි මාසයේදී පැවැත්වුණේද මෙම ස්ථානයේදීම වන අතර, ජාත්‍යන්තර මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවකට සත්කාරකත්වය සැපයීම සඳහා වසර දෙකක් ඇතුළත මෙම සුපිරි නිකේතනය තෝරාගත් දෙවන අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.




