ඉරානයේ සෙපෙහ්රාන් ගුවන් සේවා සමාගමට (Sepehran Airlines) අයත් බොයින්ග් 737 (Boeing 737) වර්ගයේ ගුවන් යානයක් ගුවනේදී අනතුරකට ලක්ව තිබෙනවා.

ගුවන්ගත වීමෙන් කෙටි වේලාවකට පසු ටයරයක් පිපිරීමෙන් සහ එන්ජිමට හානි සිදුවීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

අනතුර හේතුවෙන් යානය ඉරානයේ මෂ්හද් ජාත්‍යන්තර ගුවන්තොටුපළ (Mashhad Hashemi Nejad International Airport) වෙත යළි හරවා ගොඩබැස්වීමට පියවර ගෙන ඇති අතර මගීන් සියලු දෙනා නිරුපද්‍රිතව ඉවත් කරගනෙ තිබෙනවා.

බොයින්ග් සමාගම ලොව ප්‍රමුඛතම ඇමරිකානු බහුජාතික ගුවන්යානා සහ අභ්‍යවකාශ තාක්ෂණික නිෂ්පාදන සමාගමක්.

ඒ අනුව දශක කිහිපයක් තිස්සේ අමෙරිකාව ඉරානයට පනවා ඇති දැඩි සම්බාධක නිසා ඉරානයට ඔවුන් සතු බොයින් යානාවලට අමතර කොටස් සහ නඩත්තු සේවා ලබා ගැනීමට නොහැකි වී ඇතැයි විදෙස් වාර්තා පවසනවා.