කාර්ග් දූපත ආසන්නව මුහුදේ ගමන් කරමින් තිබූ ඉරාන තෙල් නැවකට  ඇමරිකානු ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

තෙල් නැව ඉලක්ක කර ගනිමින් ඇමරිකානු හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බවයි ඉරාන මාධ්‍ය පවසන්නේ.

කාර්ග් දූපත ඉරානයේ ප්‍රධාන තෙල් අපනයන මධ්‍යස්ථානයක්.

එහි සිට නාවික සැතපුම් හයක පමණ දුරකදී මෙම ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

ප්‍රහාරයට ඉලක්ක වී ඇත්තේ ඉරානයට අයත් කුඩා ප්‍රමාණයේ නැවක් බවයි ඉරාන මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

මෙම තෙල් නැව වෙත ඇමරිකානු මිසයිල හතරක් එල්ල වී ඇතැයිද ඉරාන මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ වෙතත් ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානියක් සිදු වී නොමැති බවයි දැනට ලැබෙන වාර්තාවලින් කියවෙන්නේ.

ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමෙරිකාවද මේ දක්වා නිල තහවුරු කිරීමක් කර නැහැ.