මෙම ඉරානය සම්බන්ධ යුද්ධය මැදපෙරදිග කලාපයෙන් ඔබ්බට දරුණු බලපෑම් එල්ල කරමින් සිටින අතර, මෙය චීනය පවතින අවධමනකාරී තත්ත්වයෙන් මුදාගෙන වඩාත් හානිකර "අහිතකර උද්ධමනය" කරා තල්ලු කළ හැකි බව ආර්ථික විද්‍යාඥයෝ අනතුරු අඟවති.
වසර ගණනාවක් පුරා චීනය දුර්වල ඉල්ලුම, මිල පහත වැටීම සහ අතිරික්ත කාර්මික ධාරිතාවය වැනි ගැටලු සමඟ පොරබදමින් සිටියේය.
දැන්, ගෝලීය බලශක්ති පිරිවැය ඉහළ යාම නිසා මෙම ප්‍රවණතාවය ආපසු හැරවීමේ අවදානමක් පවතී.
නමුත් එය සිදුවන්නේ ආර්ථික වර්ධනය ශක්තිමත් වීම නිසා නොව, නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හේතුවෙනි.
විශාල තෙල් සංචිත, විවිධාංගීකරණය වූ බලශක්ති ප්‍රභවයන් සහ දැඩි වෙළඳපල පාලනයක් පැවතීම නිසා බීජිං පාලනයට යම් ආරක්ෂාවක් ලැබුණද, මෙම බලශක්ති කම්පනයේ පරිමාණය එම ආරක්ෂිත පියවරයන් දැඩි පරීක්ෂාවකට ලක් කරමින් සිටියි.
බලශක්ති පිරිවැය සහ ප්‍රවාහන ගාස්තු ඉහළ යාම නිසා චීන කර්මාන්තශාලාවල නිෂ්පාදන මිල (Producer Price Index) මාර්තු මාසයේ සිට ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇත.
ජාත්‍යන්තර වෙළඳපල තුළ පවතින දැඩි තරඟකාරිත්වය නිසා, බොහෝ චීන සමාගම් ඉහළ ගිය පිරිවැය පාරිභෝගිකයා මත පටවනු වෙනුවට තමන්ගේ ලාභාංශ (margins) අඩු කර ගැනීමට පෙළඹී ඇත.
යුරෝපය වැනි ප්‍රධාන වෙළඳපලවල උද්ධමනය ඉහළ යාම නිසා චීන අපනයන සඳහා පවතින ගෝලීය ඉල්ලුම පහත වැටීමේ අවදානමක් පවතී.




