චීන ජනාධිපති ෂී ජින් පිං අමෙරිකාවේ නිල සංචාරයක නිරතවීමට නියමිතව තිබෙනවා.

චීන විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරාධනයකට අනුව චීන ජනාධිපතිවරයා එලෙස නිල සංචාරයට එක් වන බවයි.

ඒ අනුව ලබන 23 වනදා සිට 25 වනදා දක්වා චීන ජනාධිපති ෂී ජින් පිං ඇමරිකාවේ නිල සංචාරයේ නිරතවීමට නියමිතව තිබෙනවා.