සාම්ප්‍රදායික ජර්මානු ඉංජිනේරු ශිල්පය සහ ඉන්දියාවේ නැගී එන ඩිජිටල් තාක්ෂණය මුසු කරමින්, ජර්මානු ට්‍රක් රථ බඳ නිෂ්පාදන සමාගමක් ඉන්දීය ආයෝජකයෙකු විසින් අත්පත් කරගෙන තිබේ.
මෙම පියවර හරහා දෙරට අතර නව වෙළඳ සහ ව්‍යාපාරික අවස්ථා රැසක් විවෘත වනු ඇතැයි වාර්තා වේ.
ගෝලීය වශයෙන් දක්ෂ වෘත්තිකයන්ගේ සංචලතාව පෙන්වන කදිම උදාහරණයක් බවට පත්වෙමින්, ජර්මානු සමාගමක ප්‍රධාන විධායක නිලධාරී ධුරයට පත්වීමට තර්කේෂ්වර් රාඕ නමැති ඉන්දීය ජාතිකයා සමත්ව ඇත.
වසර ගණනාවක් පුරා ඉන්දියාවේ සිට සුප්‍රසිද්ධ Audi මෝටර් රථ ව්‍යාපෘති සඳහා දායක වූ ඔහු, පසුව බටහිර ජර්මනියේ කුඩා නගරයක් වන ‘බර්න්කාස්ටල්-කියුස්’ වෙත සංක්‍රමණය විය.
ඔහු දැන් එහිදී නායකත්වය සපයනු ලබන්නේ 1925 වසරේදී ආරම්භ කරන ලද, සියවසකට ආසන්න ඉතිහාසයක් ඇති සුප්‍රසිද්ධ Orten ට්‍රක් රථ බඳ නිෂ්පාදන සමාගමටයි.
මෙම සමාගම 2025 වසරේදී ඉන්දියාවේ ‘ට්රෙන්ටාර් මොබිලිටි’ සමාගම විසින් මිලදී ගන්නා ලදී.
ශතවර්ෂයක ජර්මානු සම්ප්රදාය සහ නවීන තාක්ෂණය අත්වැල් බැඳගත් මෙම ව්‍යාපාරික හැරවුම හරහා ගෝලීය වෙළඳපොළ තුළ ඉහළ තරඟකාරීත්වයක් පවත්වා ගැනීමට සමාගම අපේක්ෂා කරයි.
එමෙන්ම, ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නියමිත යුරෝපා සංගම් - ඉන්දීය නිදහස් වෙළඳ ගිවිසුමේ වාසි උපරිමයෙන් ලබාගැනීමටත්, මෙම ව්‍යාපාරය ඉන්දීය වෙළඳපොළ දක්වා ව්‍යාප්ත කරමින් ගෝලීය මට්ටමින් ඉහළට ඔසවා තැබීමටත් නව පාලනාධිකාරිය සැලසුම් කර තිබේ.



