එංගලන්ත සංචාරයක යෙදී සිටින පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ සහ පුහුණුකාර මණ්ඩලයේ වෙනස්කම් ගණනාවක් සිදු කර තිබෙනවා.
පකිස්ථානය මෙම පියවර ගෙන ඇත්තේ තරඟාවලියේ පළමු තරඟ දෙකම පරාජය වීමෙන් අනතුරුවයි.
ඒ අනුව ප්‍රධාන පුහුණුකරු සර්ෆරාස් අහමඩ් සහ පන්දු යවන පුහුණුකරු උමර් ගුල් වහාම ක්‍රියාත්මක වන පරිදි ධුරවලින් ඉවත් කිරීමට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.
ඔවුන් වෙනුවට එක්දින සහ 20යි 20 කණ්ඩායම්වල ප්‍රධාන පුහුණුකරු මයික් හෙසන් සහ පන්දු යවන පුහුණුකරු ඈෂ්ලි නොෆ්කේ ටෙස්ට් කණ්ඩායමේ ද පුහුණුකරුවන් ලෙස අනියුක්ත කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
මීට අමතරව එංගලන්ත සංචාරයේ නිරත ක්‍රීඩකයින් හත්දෙනෙකු ආපසු කැඳවා ඇති අතර, ඒ වෙනුවට ජාත්‍යන්තර ටෙස්ට් වරම් නොලැබූ නවක ක්‍රීඩකයින් පස්දෙනෙකු ඇතුළුව ක්‍රීඩකයින් හත්දෙනෙකු සංචිතයට එක් කර තිබෙනවා.
මෙලෙස කණ්ඩායමෙන් ආපසු කැඳවා ඇත්තේ මොහොමඩ් රිස්වාන්, ඉමාම් උල් හක්, සල්මාන් ආගා සහ පසුගිය තරගයේදී කඩුලු 5ක් දවාගත් අලි උස්මාන් ඇතුළු ක්‍රීඩකයින් හත්දෙනෙක්.
ඔවුන් වෙනුවට අරෆාත් මින්හාස්, මොහොමඩ් ඉම්රාන් ජූනියර්, සාද් බෙයිග්, මොහොමඩ් ඉම්රාන් රන්ඩාවා සහ රාසාඋල්ලා යන නවක ක්‍රීඩකයින් සමඟ සයිම් අයුබ් සහ අබ්දුල්ලා ෆසාල් සංචිතයට කැඳවා තිබෙනවා.
මේ අතර එංගලන්තය සහ පාකිස්ථානය අතර තුන්වන සහ අවසාන ටෙස්ට් තරගය ලබන 09 වනදා එජ්බැස්ටන්හිදී ආරම්භ වීමට නියමිතයි.




