Published
නේපාලයේ ඉකුත්දා ඇති වූ දැවැන්ත ගංවතුර තත්ත්වය හේතුවෙන් අතුරුදහන් වූ පුද්ගලයන් සංඛ්‍යාව 4,247 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම මියගිය පුද්ගලයින් සංඛ්‍යාව ද අවම වශයෙන් 903 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අතුරුදහන් වී ඇති පිරිස අතර නේපාල ජාතිකයින් 3,655 දෙනෙකු සහ විදේශිකයින් 592 දෙනෙකු වන බවයි වාර්තා වන්නේ.
මෙලෙස අතුරුදහන් වූවන්ගෙන් සිය ගණනක් නේපාලයේ ජල විදුලි බලාගාර ස්ථානවල සේවය කළ සේවකයින් වන අතර, ඉන් කිහිපදෙනෙකුම එම අවස්ථාවේ උමං මාර්ග තුළ සේවයේ නිරතව සිට තිබෙනවා.
චීන රාජ්‍ය මාධ්‍ය වාර්තාවලට අනුව ටිබෙට් කලාපයේ ද මෙයින් නිල වශයෙන් තහවුරු කළ මරණ 16 ක් වාර්තා වන අතර, තවත් පුද්ගලයින් 546 දෙනෙකු අතුරුදහන් බව සදහන්.




