නේපාලයේ ඇතිවූ ගංවතුර සහ දැවැන්ත නායයෑම් හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 160 ඉක්මවා ගොස් තිබෙනවා.

අතුරුදන් වූවන් අතර ඉන්දියානුවන් සියයකට වැඩි පිරිසක්, ඇමෙරිකානුවන් 54 දෙනෙකු, ඕස්ටේ්‍රලියානුවන් 34 දෙනෙකු, බි්‍රතාන්‍ය ජාතිකයින් 33 දෙනෙකු සහ නේපාල වැසියන් 100 කට වැඩි පිරිසක් ඇතුළුව විදේශීය සහ දේශීය සංචාරකයින් සිය ගණනක් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ආපදාවට ලක්වූ පුද්ගලයන් මුදා ගැනීමේ කටයුතු තවදුරටත් සිදුවන බව එරටින් වාර්තා වනවා.

මේ අතර ගංවතුර සහ නායයෑම් හේතුවෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව ඇති බවට මෙතෙක් වාර්තා නොවන බවයි නේපාලයේ ලුම්බිණිය මහා බෝධි සමාගමේ මහාමායා විශ්ව ශාන්ති විහාර භාරකාර පූජ්‍ය බද්දේගම නන්ද ස්වාමීන් වහන්සේ පැවසුවේ.

නේපාලයේ නවතම තත්ත්වය සම්බන්ධයෙන් නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු චිරාන් ජීවන්ත ධර්මසේන සමග විශේෂ සංවාදයකට එක්වෙමින් උන්වහන්සේ මෙම අදහස් පළ කළා.

"වර්තමාන තත්ත්වය හැටියට ගත්තට පස්සේ දැන් ඒ ජලගැලීම් ආදී ගොඩක්‍ර තියෙන ඒවා මුකුත් නැහැ. දැන් අර ඒ මඩ සහ ඒ යම් ප්‍රමාණයකට තියෙන වතුර විතරක් යම් ප්‍රමාණයකට බැහැලා ගලාගෙන යන එකක් තමයි තියෙන්නේ. අන්තරායකර තත්ත්වයක් නැහැ මේ වන විට. සාමාන්‍යයෙන් අර ඒ වගේ ගංවතුරක් ආවට පස්සේ පහව ගියාට පස්සේ ඇතිවෙලා තියෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් ඒක අපි පොදුවේ ගත්තායින් පස්සේ රටක් හැටියටත්, බෞද්ධයෝ හැටියටත්, නියාගමිකයන්ටත් අපිට මේක ඉතින් හරි දරාගන්න බැරි තත්ත්වයක්. මේකේ ඇතිවෙලා තියෙන ජීවිත හානි කියලා කියන්නේ ඉතාමත් කේදනීය තත්ත්වයක් හැටියට තමයි ඒ ජීවිත විනාශ වෙලා තියෙන්නේ. කත්මණ්ඩු වල ඉඳලා කිලෝමීටර් 150 ක් ඈතට වෙන්න මේ තරම් එක ඇවිල්ලා තියෙනවා. නමුත් අර ඒ සීමාවට කිසිම ගැටළුවක් වෙන්නේ නැහැ. දැන් මම නිතරම ඊයේ ඉඳලම කත්මණ්ඩු නුවර සම්බන්ධතාවයන් පවත්වාගෙන යනවා. ඉතින් අර ආපු එක අර ඒ කියන්නේ අපි කියමු මඩත් එක්ක තනිකරම ගම්පිටින්ම ගිහිල්ලා වැහිලා තියෙන්නේ. ඉතින් ඒක ඒ විදිහටම තියෙනවා. නැවත නැවතත් ඒක වර්ධනය වීමක් නැහැ මේ වන විට. විශේෂයෙන්ම අපේ ලාංකීය පැවිදි උතුමන් මේ දවස්වල විශාල සංඛ්‍යාවක් වන්දනාවට පැමිණෙනවා. ඊයෙත් 600 කට වැඩි පිරිසක් ලුම්බිණිය වන්දනා කරා. අදත් එන්න ඉන්නවා. ඒ සියලු දෙනාම දැනුවත් කිරීම් කරලා තියෙන්නේ කිසිදු උපද්‍රවයකින් තොරව ලුම්බිණිය බොහොම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් වන්දනාමාන කටයුතු කරගැනීමේ අවස්ථාව තිබෙනවා. එහෙම අනියත බියක් ඇති කරගැනීමේ අවස්ථාවක් නැහැ කියන බව ඒ සියලුම ඇත්තන්ට සිහිපත් කරලා තියෙන්නේ. දැන් අපේ කත්මණ්ඩු අපේ තානාපති කාර්යාලයේ ඉන්න නිලධාරීන් සමග අපි සාකච්ඡා කරා. දැනට එවැනි තත්ත්වයක් නැහැ. නමුත් ඉතින් එයාලා ඊයේ හවස වෙනකම් සාකච්ඡා කරද්දී කියන්න බැහැ කොයි විදිහටද කියලා. නමුත් එවැනි වාර්තා වීමක් නැහැ. ඉන්දියානු වැසියන් වැඩිපුර ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම විදේශීය යුරෝපීය රටවල කීපදෙනෙක් ඉන්නවා. ලංකාවේ ඉන්නවා කියන එක ගැන තහවුරු කිරීමක් කරලා නැහැ ඊයේ රෑ වෙනකම්ම. ඉතින් මේ අපි ඒකත් පොඩ්ඩක් විමසීමක් කරා මේකේ මේ එහෙම සාමාන්‍ය සංචාරයකට ආපු වෙනත් හෝ සාමාන්‍යයෙන් විනෝද සංචාරයක් හැටියට ඇවිත් ආපු අය ඉන්නවාද කියන එක. නමුත් දැනට තහවුරු වීමක් නැහැ එහෙම ඉන්නවා කියන බවට."

මේ අතර නේපාලයේ මේ වනවිට රැදි සිටින සිය නෑදෑ හිතමිතුරන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරක් නොලැබුණේ නම් ඒ සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙසයි මෙරට සිටින වැසියන්ගෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය ඉල්ලීමක් කළේ.

නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු ලහිරු කපුගේ සමග විශේෂ සංවාදයකට එක්වෙමින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක තුෂාර රුද්‍රිගෝ මහතා එම ඉල්ලීම සිදුකළා.

"ඇත්තටම අපේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ එහෙත් ඒ කියන්නේ නේපාලවල තියෙන ඒගොල්ලන්ගේ Operations Rooms සහ ඒගොල්ලන්ගේ Operational Authorities එක්ක නිරන්තරයෙන් සාකච්ඡාවක යෙදිලා ඉන්නවා අපේ ශ්‍රී ලාංකිකයින් සහ අපේ Connect වෙච්ච ඒ Families මොනවාහරි තොරතුරු තියෙනවා නම් ඒවා ලබාගන්න. ඒගොල්ලෝ වරින් වර ඒ තොරතුරු මුදාහරිනවා ඒගොල්ලන්ගේ Operation Centers හරහා. විශේෂයෙන්ම මේක සිද්ධ වෙලා තියෙන්නේ අර Tibetan Border එක Northern Border එකේ ඔය Glacier Burst එක වෙලා තියෙන්නේ. ඒකේ Impact එක එන්නේ ඔය Rivers ගංගා දෙකක විතර තියෙනවා ඒ ගංගා දෙකක ජලමට්ටම් ඉහළ ගිහිල්ලා ඒ Flash... ඒගොල්ලන්ගේ Infrastructure, සංක්‍රාන්ති අර Transport Corridors ඔක්කොම විනාශ වෙලා එහෙම තියෙන්නේ. මේ වෙනකොට තානාපතිතුමිය කියපු හැටියට දැනට ඔය Operations යන්නේ ගොඩක් Rescue Operations. ඒකේ Affected අය බේරගන්න. දැනට අපි සම්බන්ධතාවය පවත්වාගෙන යනවා එම නේපාල Authorities එක්ක මේ තත්ත්වය Updates ගන්න.  දැන් ඒගොල්ලන්ට ඇත්තටම ලංකාවේ ඉන්න ප්‍රජාවට දෙන්න තියෙන පණිවිඩය, ඒගොල්ලන්ගේ කිසියම් කෙනෙක් මේ නේපාලයට සංචාරයක ඒගොල්ලෝ කිසියම් ආකාරයක ඒගොල්ලන්ගේ Family විවාහ සම්බන්ධතා මත ඉන්නවා නම්, ඊට අමතරව Student කෙනෙක් හැටියට ගිහිල්ලා තමන්ගේ දරුවෙක් හරි ඥාතියෙක් හරි ඉන්නවා නම්, ඒ Family විවාහයක සම්බන්ධ වී ඉන්නවා නම් නේපාලයේ Nationals ලා, ඒ වගේම සංචාරකයෝ හැටියට ගිහිල්ලා ඔය කන්තුකර ප්‍රදේශවල සංචාරය සඳහා යොදලා ගිහිල්ලා තියෙනවා නම්, ඒ අනුව ඒගොල්ලෝ අපිට දැනුම් දෙන්න, ඒ තොරතුරු අපිට හොයාබලන්න පුළුවන්. එහෙම සංචාරක කටයුතු විදිහට සංචාරකයෙක් හැටියට ගිහිල්ලා තියෙනවා නම් මෙහේ කොහේහරි Tour Operator කෙනෙක් හරහා, ඒ විස්තරත් අපිට ලබාදෙන්න කවුද ඒ Tour Operator, Tour එක Arrange කරලා තියෙන්නේ, ඒ තොරතුරු මගින් අපිට නිවැරදි තොරතුරක් හොයාගන්න පුළුවන් අපේ තානාපති කාර්යාලය ඔස්සේ එහෙ නේපාලවල තියෙන විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ඒ දැනට තියෙන Operation Units වලට Contact කරලා."