Published
ඇමරිකාව සහ ඉරානය අතර ඇති කරගත් එකඟතාවන් හේතුවෙන් ‘හෝමුස් සමුද්‍ර සන්ධිය‘ නැවත විවෘත වනු ඇතැයි පවතින බලාපොරොත්තුව සමඟ ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල තවදුරටත් පහත වැටෙමින් පවතින බව විදෙස් මාධා වාර්තා පවසනවා.
ඒ අනුව, ගෝලීය මිණුම්දණ්ඩ ලෙස සලකන බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල පසුගිය මාර්තු මාසයෙන් පසුව ප්‍රථම වතාවට ඇමරිකානු ඩොලර් 80 සීමාවෙන් පහළ වැටී ඇති බවයි වාර්තා වන්නේ.
මේ වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 79 ශත 90 ක් ලෙසයි.
ඉරාන යුද්ධය හේතුවෙන් පසු ගිය කාල සීමාව තුල බොරතෙල් බැරලයක මිල ඩොලර් 120 ක උපරිමයකට ළඟා වුණා.
එම යුද ගැටුම් ආරම්භ වීමට පෙර ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක් අලෙවි වූයේ ඩොලර් 70 කට ආසන්න මුදලකටයි.




