Published
ජර්මනියේ කෝලෝන් නගරයේදී 16 හැවිරිදි දැරියකට රොබෝ යන්ත්රයක් මගින් ලිංගික හිංසනයක් සිදු කළ බවට චෝදනා එල්ල වූ තරුණයන් දෙදෙනා එරට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සිදුවීමට සම්බන්ධ රතු සහ රන් පැහැයෙන් යුතු, අඩි 3.9ක් පමණ උසැති රොබෝ යන්ත්රය ද මේ වන විට පොලිස් භාරයට ගෙන ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා කළේ.
එමෙන්ම පසුගිය සෙනසුරාදා රාත්රියේ නගර මධ්යයේ පිහිටි ක්ෂණික ආහාර හලක් අසල දැරිය සිය මිතුරන් සමග සිටියදී, පසුපසින් පැමිණි මෙම රොබෝ යන්ත්රය ඇයට අයථා ලෙස ස්පර්ශ කරමින් හිංසනයට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ.




