Published
ඊශ්‍රායල විසින් ලෙබනනයේ බේරූට් හි මුරපොලක් ඉලක්ක කරමින් ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇති තිබෙනවා.
එම ගුවන් ප්‍රහාරයෙන් පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මියගිය පුද්ගලයින් අතර වෛද්‍යවරුන් තිදෙනෙකු ද සිටින බව සඳහන්.
දෙරට දින 45ක සටන් විරාමයකට එකඟ වී ඇති අවස්ථාවක ඊශ්‍රායල විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඊශ්‍රායලය සහ ලෙබනනය වොෂින්ටන්හිදී දින දෙකක සාකච්ඡාවලින් පසු ඔවුන්ගේ අස්ථාවර සටන් විරාමය දීර්ඝ කිරීමට එකඟ වූ බවයි.




