ඇමෙරිකාවේ ඩලස් නුවරදී පැවැති ලෝක කුසලාන පාපන්දු තරගයකින් පසුව, ජපාන ප්‍රේක්ෂකයින් පිරිසක් ක්‍රීඩාංගනය පිරිසිදු කරමින් යළිත් වරක් මුළු ලෝකයේම අවධානය දිනාගෙන තිබෙනවා.
නෙදර්ලන්තය සහ ජපානය අතර පැවැති මෙම උණුසුම් තරගය 2ට 2ක් ලෙස ලකුණු සමව අවසන් වුණා.
තරගයෙන් අනතුරුව ක්‍රීඩාංගනයේ සිටි හැත්තෑදහසකට ආසන්න ප්‍රේක්ෂකයින් ඉන් ඉවත්ව ගියත්, ජපාන ආධාරකරුවන් සිය ගණනක් එහි රැඳී සිටියේ හිස් බෝතල් සහ ආහාර දවටන ඇතුළු සියලුම කසළ එකතු කර ක්‍රීඩාංගනය පිරිසිදු කිරීමටයි.
කසල එකතු කිරීම සඳහා ඔවුන් මේ සඳහා නිවෙස්වලින්ම කසළ බෑග් රැගෙන විත් තිබීම විශේෂත්වයක්.
ජපන් වැසියන්ගේ මෙම උදාර ක්‍රියාව දැක්වෙන වීඩියෝ දර්ශන මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ලොව පුරා දැඩි ප්‍රශංසාවට ලක්වෙමින් පවතිනවා.
මෙය ඔවුන්ගේ සංස්කෘතියේම කොටසක් වන අතර, මීට පෙර පැවැති ලෝක කුසලාන තරගාවලිවලදී ද ජපන් ප්‍රේක්ෂකයින් මෙලෙස ක්‍රීඩාංගන පිරිසිදු කර ලෝකයටම ආදර්ශයක් සපයා තිබුණා.




