දින දෙකක් තුළ සිදු වූ බරපතල අපරාධ මාලාවක් සම්බන්ධයෙන් ඉන්දිය පොලීසිය විසින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දූෂණ සිදුවීම් දෙකක් සහ එක් ඝාතනයක් සිදුකරමින් ඉන්දියාවේ අල්වාර් සිට දිල්ලි දක්වා ප්‍රචණ්ඩකාරී අපරාධ රැල්ලක නිරත වූ 19 හැවිරිදි තරුණයෙකු එලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
සැකකරු අතින් ඝාතනයට ලක්ව ඇත්තේ ඉන්දීය ආදායම් සේවා නිලධාරියෙකුගේ දියණියක වන 22 හැවිරිදි ඉංජිනේරු උපාධිධාරිණියක්.
ඉන්දියාවේ අල්වාර් ප්‍රදේශයේදී කාන්තාවක් ලිංගික අපයෝජනයට ලක් කිරීමෙන් පැය කිහිපයකට පසු සැකකාර රාහුල් නමැති මෙම තරුණයා දිල්ලි නුවර බලා පැමිණ තිබෙනවා.
එහිදී ගිණිකොණදිග දිල්ලියේ ඊස්ට් ඔෆ් කයිලාෂ් ප්‍රදේශයේ පිහිටි නිවසකදී ඔහු මෙම ඝාතනය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
මියගිය තරුණිය මධ්‍යම රාජ්‍ය සේවා කොමිෂන් සභා විභාගය සඳහා සූදානම් වෙමින් සිටි දක්ෂ ශිෂ්‍යාවක වන අතර ඇයව ජංගම දුරකථන ආරෝපණ කේබලයකින් ගෙල සිරකර ඝාතනය කර ඇති බව පොලිස් පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා.
ඝාතනයට පෙර සැකකරු විසින් ඇයව දූෂණය කර ඇති බවටද සැක කෙරෙන බවයි ඉන්දිය මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
සැකකරු මීට මාසයකට පෙර මෙම නිවසේ ගෘහ සේවකයෙකු ලෙස සේවය කර ඇති අතර අනෙකුත් සේවකයන්ගෙන් මුදල් ලබාගෙන ආපසු නොගෙවීම හේතුවෙන් ඔහුව සේවයෙන් නෙරපා හැර තිබෙනවා.
ඝාතනය පිටුපස ඇති චේතනාව තවමත් විමර්ශනය වෙමින් පවතින බව පොලිසිය පවසන අතර රැකියාවෙන් නෙරපා හැරීමෙන් පසු ඇති වූ අමනාපය ඝාතනයට හේතු වී ඇත්දැයි නිලධාරීන් දැන් පරීක්ෂා කරමින් සිටින බවයි ඉන්දිය මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
අපරාධකාරී මානසිකත්වය හෝ සේවයෙන් නෙරපා හැරීම පිළිබඳ ඇති වූ වෛරය මෙම ඝාතනයට හේතු වන්නට ඇති බවට සැක කරන බවයි දිල්ලි පොලීසිය පවසන්නේ.
අල්වාර්හිදී සැකකරු අතින් අපයෝජනයට ලක්වූ කාන්තාවගේ සැමියා සමඟ ඔහු සමීප මිත්‍රත්වයක් පවත්වා තිබෙනවා. ම අපරාධ මාලාවෙන් පසු ද්වාර්කා ප්‍රදේශයේ හෝටලයක සැඟව සිටියදී පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ලෙන ඇති බවද ඉන්දිය මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන්.




