හෝමූස් සමුද්‍ර සන්ධියේදී පැනමා කොඩිය යටතේ ගමන් කළ ‘එල් ගායා‘ ඉන්ධන නෞකාව නාවික බෝම්බයක ගැටුණු බවට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය කළ ප්‍රකාශය ඇමරිකානු මධ්‍යම බළකාය විසින් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඇමරිකානු මධ්‍යම බළකාය පවසන්නේ අදාළ නෞකාව පසුගිය මාසයේදී ඉරාන මිසයිල ප්‍රහාරයකට ලක්ව අක්‍රීය වූ බවත් පසුගිය සති අන්තයේ ඕමාන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී නැවතත් ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්වූ බවයි.
මේ අතර, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවතත් ප්‍රකාශ කර සිටින්නේ ඉරානය, ඇමෙරිකාව සමඟ ගිවිසුමකට පැමිණීමේ අවශ්‍යතාවයෙන් පසුවන බවත්, නමුත් ඒ සඳහා මැදිහත් වෙනවාද නැද්ද යන්න තමා තීරණය කරන බවයි.
කෙසේ වෙතත් ඉරාන ආරක්ෂක ප්‍රධානී මොහ්සෙන් රෙසායි පවසන්නේ ඉන්ධන සහ හෝමූස් සමුද්‍රසන්ධිය සම්බන්ධ තත්ත්වය මේ වන විට වෙනස් වී ඇති අතර, ඉරානයේ ඉල්ලීම් ඉටුකරන තෙක් ඇමරිකාව සමඟ කිසිදු සාකච්ඡාවක් නොපවත්වන බවයි.



