ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සංචාරයක් සදහා එක්වීමට නියමිතව තිබූ නිල ගුවන් යානය වන ‘එයාර් ෆෝස් වන්‘ වෙත සී.එන්.එන් මාධ්‍යවේදීන් ඇතුළත් කරගෙන නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ටෙනසි ප්‍රාන්තයේ පැවැත්වෙන ඇමරිකානු පාපන්දු තරගයක් නැරඹීමට ට්‍රම්ප් එලෙස ගුවනින් යාමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලැයිස්තුවෙන් සී.එන්.එන් නාලිකාව ඉවත් කිරීමට ධවල මන්දිරය පියවර ගෙන ඇති අතර, ඒ වෙනුවට වෙනත් කිසිදු මාධ්‍ය ආයතනයක් ආදේශ කර නැති බව ද සඳහන්.

පසුගිය සතියේදී ද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සී.එන්.එන්, පොලිටිකෝ සහ එම්.එස් නව් යන මාධ්‍ය ආයතන තමන්ගේ පරිපාලනයට එරෙහිව අසත්‍ය තොරතුරු පතුරුවන බවට චෝදනා කරමින් ධවල මන්දිරයට ඇතුළු වීම තහනම් කරනු ලැබුවා.

එමෙන්ම ඊට විරෝධය පළ කරමින් ඒ.බී.සී, සී.බී.එස්, ෆොක්ස් නිවුස් සහ එන්.බී.සී යන නාලිකා ද ජනාධිපතිවරයාගේ පුවත් විකාශය කිරීම අත්හිටුවීමට පියවර ගත්තා.

තමන්ගේ ප්‍රකාශනයේ සහ මාධ්‍ය ස්වාධීනත්වයේ අයිතිය උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් අදාළ මාධ්‍ය ආයතන නීතිමය පියවර ගැනීමට සූදානම් වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.