Published
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයට ඉදිරි පැය 24 පුරා අධික වැසි සහ අකුණු අනතුරු ඇතිවීමේ හැකියාවක් පවතින බවට එරට කාලගුණ බලධාරීන් පවසනවා.
ඒ අනුව ‘රතු නිවේදනයක්‘ නිකුත් කළ බවයි ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
එමෙන්ම හදිසි ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් ද පවතින බවට අනතුරු අගවා තිබෙනවා.
එවන් පසුබිමක් තුළ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසට උත්තර් ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍ය යෝගී ආදිත්‍යනාත් බලධාරීන්ට නියෝග කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එමෙන්ම අකුණු සහ අධික වර්ෂාව පවතින අවස්ථාවල අනවශ්‍ය ලෙස එළිමහනට බැසීමෙන් සහ ගංගා ඇතුළු ජලාශවල දිය නෑමෙන් වළකින ලෙසටද ජනතාවට දැනුම් දී තිබෙනවා.




