2026-27 මූල්‍ය වර්ෂයේ අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ ඉන්දියාවේ විද්‍යුත් භාණ්ඩ අපනයනය සියයට 44ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කර ඇති බව රජයේ නවතම දත්ත මගින් අනාවරණය වේ.

ඉකුත් අඟහරුවාදා නිකුත් කරන ලද මෙම දත්තවලට අනුව, 2025-26 මූල්‍ය වර්ෂයේ අදාළ කාලසීමාව තුළ ඇමරිකානු ඩොලර් බිලියන 22.20ක්ව පැවති විද්‍යුත් භාණ්ඩ අපනයන ආදායම, මෙම වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 31.97ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන්දියාවේ විද්‍යුත් අපනයන ක්ෂේත්‍රයේ විශාලතම කොටස තවදුරටත් ස්මාර්ට් ජංගම දුරකථන සතු වුවද, ස්මාර්ට් දුරකථන නොවන සෙසු විද්‍යුත් උපාංග අපනයනය ඊට වඩා බෙහෙවින් වේගවත් වර්ධනයක් පෙන්නුම් කර ඇත.

ඉලෙක්ට්‍රොනික උපාංග, මුද්‍රිත පරිපථ පුවරු, සන්නිවේදන උපකරණ, memory products සහ දත්ත ගබඩා උපාංග හරහා ඉන්දියාවේ විද්‍යුත් අපනයන ක්ෂේත්‍රය පුළුල් වීම සහ විවිධාංගීකරණය වීම මෙමගින් පිළිබිඹු වේ.

ස්මාර්ට් ජංගම දුරකථන අපනයනය සියයට 35.8කින් වර්ධනය වී ඇති අතර, එය පසුගිය වසරේ අදාළ කාලයේ පැවති ඩොලර් බිලියන 13.38 සිට ඩොලර් බිලියන 18.17 දක්වා ඉහළ ගොස් ඇත.