මත්ද්‍රව්‍ය ව්‍යසනයත් සමඟ සංවිධානාත්මක අපරාධ ද ඉහළ යමින් පවතින බවත්, ඉදිරියේදී හඳුන්වා දීමට නියමිත නව නීති ප්රඥප්තීන් සමඟ ඊට එරෙහිව නීතිය වඩාත් ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීමට පොලීසියට හැකියාව ලැබෙන බවත් පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා.
එමෙන්ම මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයන් ඉන් මුදවා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවද පොලිස්පතිවරයා පැවසුවා.
"අප හැමගේ දූ දරුවන්, සහෝදරයන්, ඥාතීන්, හිතවතුන් මේ ව්‍යසනයට ලක් වෙලා තියෙන්නේ. මේ ව්‍යසනයෙන් බේරගන්න මෑත කාලයේ විවිධ පෙර සිටි ජනාධිපතිවරු මෙන්ම ගරු ජනාධිපතිතුමාත් මේ සම්බන්ධයෙන් විශේෂ වූ වැඩපිළිවෙළක් රැගෙන ආවා 'රටම එකට' ඉවත් වෙනු ව්‍යාපෘතිය. මේ මත්ද්‍රව්‍යයත් එක්ක බැඳිච්ච අනිත් කටයුත්ත තමයි අපරාධ. මේ අපරාධ වැඩිවීම නැත්නම් ඒත් එක්කම ගත්තොත් සංවිධානාත්මක අපරාධකරුවන් මත්ද්‍රව්‍ය ව්‍යාපාරයත් එක්ක ජාවාරමත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. සංවිධානාත්මක අපරාධකරුවන් ගත්තත් අපරාධ ගත්තත් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී එන නීති ප්රඥප්තිත් එක්ක පොලීසියට මේ සම්බන්ධයෙන් ඉතාමත්ම හොඳින් නීතිය ක්‍රියාත්මක කරන්න පරිසරයක් උදා වෙන්න නියමිතව තියෙනවා."




